පුදුමයි නේද? මේ හිනයක් නෙවෙයි. ලංකාවේ ප්‍රථම operating system එක Danishka Navin - Malinthe Samarakoon ඇතුළු කණ්ඩායම විසින් "හන්තාන" නිර්මානය කරල තියෙනව. මේ ලින්ක් එකෙන් එයාලගේ ඔෆිසිකල් මෙව්ව එකට යන්න පුලුවන්. එතන ස්ථාපනය කිර්‍රම ඇතුලු වැඩිදුර තොරතුරු රාශියක් අඩංගු කරල තියෙන්නේ. එයාලා කියල තියෙන විදිහට,
හන්තාන යනු ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක උදෙසා ලිනක්ස් ( Linux ) පාදක කරගනිමින්, Fedora සම්මිශ්‍රණය කරමින් නිපදවූ මෙහෙයුම් පද්ධතියකි. සාමාන්‍ය PC එනම් i386 සහ x86_64 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live DVD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.
Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද, එදිනෙදා භාවිතයට අවශ්‍ය යෙදුම් විශාල ප්‍රමාණයක් පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!
හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.
පහල තියෙන ලින්ක් වලින් පුලුවන් කෙලින්ම ඔයාට මේ linux os එක බාලා ස්ථාපනය කර හෝ නොකර මෙම ඕඑස් එක භාවිතා කරන්න පුලුවන්.
ටොරන්ට් හෝ වෙනත් ස්තාපනය දැතුලු තොරතුරු මෙතනින්
ඒත් මේක නිර්මානය කරපු කණ්ඩායමට වචනයකින් හෝ ස්තුති කරන්න අමතක කරන්න එපා. පහල තියෙන විස්තර වලින් පුලුවන්නම් එයාලට යමක් කියලන්න.
විද්‍යුත් තැපෑල: info@hanthana.org
ෆේස්බුක් : https://www.facebook.com/groups/hanthana/
සහය ෆෝරමය: http://www.hanthana.org/forums/
ගූගල් සමූහය: https://groups.google.com/forum/?fromgroups#!forum/hanthana-community
මෙම os එකේ සුවිශේෂි ගුණාංග යක් තමයි එදිනෙදා භාවිතයට අත්‍යඅවශ්‍ය වටින මෘදුකාංග සෙට් එකක් නොමිලේ ම ලැබෙනව මෙතනින් ගිහින් ඒලිස්ට් එක බලාගන්න.(අනික මේව හොර බඩුනෙවේ genuine) මෙතන දාන්න ගියොත් ඉඩමදි වෙනව.එහෙනම් මේ තියෙන්නේ හන්තාන බාන්න කලින් බලාගනනිල්ලාා...
No comments: