Indrajith's OnaHuptak Downloader ඉන්ද්‍රජිත්ගේ ඕනහුප්ටක් ඩවුන්ලෝඩර් එක


ඕනම Online වීඩියෝ එකක්, torrent එකක් හෝ කීපයක්, direct link එකක් හෝ කීපයක්, TS හෝ m3u8 stream එකක්, mega.co.nz ලින්ක් එකක් තමන්ගේ Google drive එකට බා ගන්න මේකෙන් පුළුවන්.

මේකට උඹේ google drive එකට sign in වෙලා ඉන්න ඕන. උඹේ drive එකට mount කරද්දී Google Drive එකට copy කරන්න අවසර ඉල්ලනවා. (warning : not authored by Google කියලා ආවොත් එතන run anyway කරහන්.) ඒ ගැන බය වෙන්න එපා. කැමති අයට code එක බලන්න පුළුවන්. කිසිම privacy අවුලක් නෑ, උඹලා බාන දේවල් මටවත්, කාටවත් පේන්නේ නැහැ. පැය 12 කින් Disconnect වුණ ගමන් access අයින් වෙනවා. කැමති නම් කලින්ම runtime ගිහින් disconnect කරපන්. Privacy අවුල්ම නම් මේකෙන් බාන්නම කියලා වෙනම google account එකක් හදා ගනින්. ඒකෙන් අමතර 15 GB කුත් හම්බෙනවානේ.

දාන දේවල් දාලා ඊතලෙන් පෙන්නලා තියෙන තැන තියෙන play වගේ button එක ඔබලා run කරාම හරි. ඉවර වෙලා යටින් හරියක් වැටුණාම වැඩේ ඉවරයි. කැමති නම් ඉවර වෙනකල්ම බලාගෙන ඉන්නත් පුළුවන්, හැබැයි එහෙම ඕනෙම නෑ. Run වෙන්න ගත්තාට පස්සේ මේකෙන් අයින් වුණත් download වෙලා උඹේ drive එකට ෆයිල් එක බෑවිලා තියෙයි.


Any Video Downloader එකට සාමාන්‍යයෙන් වීඩියෝ play වෙන ඕනෑම site එකක් වැඩ. YouTube (තනි වීඩියෝ සහ සම්පූර්ණ playlist), Facebook, Insta, Tiktok, Twitter, Snap, Linkedin, VK, Dailymotion ඇතුළු social media සේරම, ප්‍රධාන ජිල්😏 සහ Tube සයිට් සේරම, Sports සහ News site, කොටින්ම සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ ඕනෑම site එකක public play වෙන වීඩියෝ ඕන එකක් මේකෙන් බාන්න පුළුවන්.

ඊට පහළින් torrent download කරන්න, media නොවන ෆයිල් download කරන්න එහෙමත් cell තියෙනවා. අවශ්‍ය විදිහට ඒවාත් පාවිච්චි කරන්න පුළුවන්.

මොකක් හරි අපැහැදිලි තැනක් තිබුණොත් මම fb ඉන්නවා. මේක හදපු busyindrajith777@gmail.com මගේම email එක. 0777984078 මගේ WhatsApp නම්බර් එක. ඔය ඕන විදිහකින් මාව contact කරපන්.

මගේ fb එක
මගේ WhatsApp එක

එහෙනම් මේක පාවිච්චි කරලා ඕන හුප්ටක් බා ගනින්. බුදු සරණයි!!

No comments:

Powered by Blogger.