c# ඉගෙන ගනිමු 03: beep යොදාගනිමු



මම ඊයේ කියලා දුන්න වැඩේ අත්හදා බැලුවනම්. අද  Beep  එක ගැන ටිකක් කියලා දෙන්න හිදුවා. මුලින්ම WindowsFormsApplication  එකක් අරගන්න.ඒකට බට්න් එකක්ද අරගන්න.
ඕනනම් button එකෙයි form එකෙයි text වෙනස් කරන්න properties window එකෙන්. properties window එක පේන්න නැත්නම් Menu bar>View ගිහින්   properties window ක්ලික් කරන්න.

එතකොට පහල විදිහට පෙනෙයි.


මම ඔන්න form එකේ icon එකයි background image එකයි වෙනස්කළා.එතකොට මාර ගති නේද?


දැන් බට්න් එක ඩබල් ක්ලික් කරලා ඒතුල මේ කෝඩ් එක ගහන්න.


Console.Beep(1000, 300);


දැන් ඔයාගේකී බෝඩ් එකේ F5 බොත්තම ඔබපුවාම Debug වෙනවා.Debug කියන්නේ පරීක්ෂා කරනවා කියන එකයි. ඔයාගේ application එක වෙනමම වින්ඩෝවක ඕපන් වෙයි. බට්න් එක ක්ලි ක් කළාම බීප් සවුන්ඩ් එක ඔන්වෙයි. වැඩේ වැරදී කියනවනම් කොතන හරි අප්සැට් එකක් ගිහින් ආයේ චෙක්කොරල බලන්න.

එහෙනම් මේ කෝඩ් එක දිහා හොදට බලන්න.

Console.Beep(1000, 300);

උඩ රතු කරලා තියෙන තැන"," ක් දාලා ඉලක්කම් ","ට දෙපැත්තෙන් නුත් ලියලා තියෙනවා. ඒ ඇයි කියලා පහල උදාහරණය දැක්කාම තේරෙයි.

Console.Beep(37 සිට 32767 දක්වා ඕනෑම ශබ්ද සංඛ්‍යාතයක්,එය ක්‍රියාත්මක වියයුතු කාල ප්‍රමානය);


ඒකියන්නේ අපිට මේ ශබ්ද සංඛ්‍යාතය වෙනස් කරලා විවිධ ශබ්ද ලබාගන්න පුලුවන් බව. ඒවගේම කාල පරාසය වෙනස් කිරීමෙන් ශබ්දය පවතින වේලාවත් වෙනස් කරන්න පුලුවන්. ඒකියන්නේ පහල විදිහට.

Console.Beep(100, 100);
Console.Beep(2000, 300);
Console.Beep(1111, 450);

ඔය එක එක විදිහට වෙනස් කරලා බලන්න. එතකොට ඔයාට තේරෙයි ඒශබ්ද උස් පහත් වන ආකාරය.

ඒවිතරක් නෙවෙයි ඔය බීප් 1ට වඩා බට්න් එකට දාලා බලන්න.

මෙතනින් බාලා බලන්න මම හදපු එක.

මෙන්න තේරුනේ නැත්නම් මෙතනින් වත් දැනගන්න.




No comments:

Powered by Blogger.