මම අද කියලා දෙන්න යන්නේ Radio button එක යොදලා හදාගන්න පුලුවන් සරල වැඩසටහනක් මේකෙදී ඔයාලාට Radio එකේ ක්‍රියාකාරීත්වය ගැන යම් අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. මම නම් මේ C# ගැන කප් ගහපු විශාරදයෙක් නම් නොවන වග කලිනුත් කියලා ඇතිනේ ඒක නිසා මම මගේ භාෂාවෙන් ඔයාලට තේරෙන්න කියලා දෙන්නම්කෝ...
windows application කට radio button 2 කුයි picture box 2 කුයි දාගන්න පහල විදිහට.
දැන් පහල තියෙන පිංතුරේ විදිහට picture box 1 (No 1) select කරලා properties window එකේ image (No 2) කියන එක ක්ලිකරන්න. එවිට Select Resource කියන Dialog box එක එයි.Local Resource යටතේ ඇති Import මගින් පරිගණකය තුළ ඇති picture එකක් ලබාගෙන Ok (No 4) කරන්න.
පහල විදිහට කැමති පිංතුරයක් දෙවන picture box eka කටත් දෙන්න.
දැන් form,radiobutton1,radiobutton2 කියන ඒවයේ text වෙනස් කරන්න පහල විදිහට.
radiobutton1,radiobutton2 කියන 2කේ පහල තියෙන කෝඩ් දෙක ඇතුලු කරන්න. ඊලගට Debug කරල බලන්න.
radio bt 1:
pictureBox1.Visible = true;
pictureBox2.Visible = false;
pictureBox2.Visible = false;
radio bt 2:
pictureBox2.Visible = true;
pictureBox1.Visible = false;
pictureBox1.Visible = false;
දැන් ඔයාලාට පේනවා ඇති go radiobutton එක ක්ලික් කළාම ඊට අදාල picture එක පේනවා.stop radio button එක ක්ලික් කළාම ඊට අදාල picture එක පේනවා.
දැන් ඔයාලට අවශ්‍යනම් මේ සදහා pic box එක වෙනුවට වෙනත් tool එකක් භාවිත කරන්න පුලුවන්. මේ පාඩමෙන් ඔයාලගේ දැනුමට යමක් එක් උනානම් මගේ මහන්සියට සාපේක්ෂව ලොකු දෙයක් මොකද ඉමේජ් අප්ලෝඩ් කර කර ටයිප් කර කර හෙන ගේමක් දෙන්ඩ එපායෑ. එහෙනම් අපි ගියා යන්න කලින් මම හෙට වෙනකොට මේ පාඩමට අදාල යුටියුබ වීඩියෝව ලැබෙන්න සලස් වන්නම්. බාන්න ලින්ක් එක පහල ඇති.
ඔන්න ඊයේ කිව්වා වගේම අද වීඩියෝව දැම්මා.
No comments: