මම එදා කිව්වනෙ කොහොමද වීඩියෝ එකට අවශ්‍ය නම් උපසිරස එහෙම එක් කරල convent කරගන්න විදිහ මම අද කියලා දෙන්නේ ඒ වීඩියෝ ෆයිල් එකVideo CD/DVD එකක් විදිහට Burn කරන විදිහ. ඒ පෝස්ට් එක නොදැකපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින් ගිහින් බලා ගන්නකෝ. හොදයි කලින් ලිපියෙම මම යොදාගන්න නීරෝ 8 සංස්කරනයත් බාගන්න ලින්ක් එකත් දීලා ඇති. මම හිතනව දැන් ඒකත් බාගෙන වැඩේට සුදානම් වෙලා ඇති කියලා. සියල්ල සුදානම් නම් අපි තවමොකටද අපි බලා ඉන්නේ වැඩේට බහිමු ,
හොදයි දැන් පරිගණකයේ නීරෝ ඉන්ස්ටෝල් කරල තියෙනවනම් Start > all programs > nero8 > nero vision යන්න. මොකද මම මේ වැඩේ ට පාවිච්චි කරන්නේ නීරෝ මෘදුකාංගය සමග ලබාදෙන nero vision යන මෘදුකාංගය ඒ වගේම නීරෝ මෘදුකාංගෙ පාවිච් කරල වීඩියෝ සීඩී එකක් හදනවනම් හොදම ක්‍රමයත් nero vision පාවිච්චි කරන එක.ඕන නම් Nero burning rom එකෙනුත් එකක් video cd හදාගන්න පුලුවන් ඒත් මම කියල දෙන්නේ nero vision පාවිච්චි කරලා video cd එකක් හදාගනාන විදිහ. දැන් Start > all programs > nero8 > nero vision ගියානම් nero vision පහල විදිහට open වෙලා ඇති. මෙතනින් තමන් හදන්න බලා පොරොත්තුවෙන වීඩියො සීඩී එකේ වර්ගේ තොරගන්න. මමනම් video DVD කියන එක තෝරගත්තා.
එතනින් ගිහාම පහල තියෙන වින්ඩෝව් එක ලැබෙයි මෙතන තමන්ට අවශ්‍ය වීඩියෝ ටික පටවන්න තියෙන්නේ. ඔන්න මම නම් මට ඕනි වීඩියෝ ටික පටව ගත්තා.
මේතන දී තමයි අවසන් ප්‍රතිපලේ බලාගන්න පුලුවන් වෙන්නේ ...
පහල තියෙන සංධිස්තානය බොහොම වැදගත් මෙතන තමයි අපේ සීඩී එක Burn වීමට අදාල සියලුම දේ සකසන්න ඕන මෙතනදී. මොකද අපේ CD එක Burn වෙලා ඉවර උනාම මොනවත් කරන්නබෑ.. මකල හදන්නත් බෑ...
No comments: