ජංජාලෙන් හරි කොහෙන් හරි අපි බයිස්කෝප් එහෙම බාගෙන බලන්න කැමතිනේ, ඒත් ඕක සීඩිඑකකට ගහලා ප්ලෙයර් එකකින් බලන්නේ කොකොමද කියලා තමයි මම අද කියල දෙන්න යන්නේ.. මේ වැඩේට හැබෑයි ටිකක් කාලෙ කන්න වුනා මොකද ඔයාලට වගේ සුපිරි පරිගණක මට නෑනේ මේක 1900 බරගණන් වල කම්පියුටර් එකක් ඔයාලටනම් එච්චර කාලෙකන්න වෙන එකක් නෑ. මම වැඩේ කරන්නේ මෙන්න මෙහෙම කෙටියෙන්ම කියනවනම් ,
1. අවශ්‍ය වීඩියෝ හෝ චිත්‍රපටය සොයාගැනීම.
2. Format factory මෘදුකාංගය උදව්වෙන් ෆෝර්මැට් එක වෙනස්කරගැනීම.
3. Nero 8 භාවිතයෙන් එම වීඩියෝව සංයුක්ත තැටියට පිටපත් කිරීම.
මම මේකට නීරෝ 8 යොදාගන්නවා එය බාගත කරන්න මෙතනින් තව Format factory එකත් පාවිච්චිකරනවා ඒක බාන්න මෙතනින් යන්න. මම මේ මෘදුකාංග යොදාගත්තට ඔයාලට අවශ්ය නම් නීරො 6,7,9, ඕන එකක් පාවිච්චි කරන්න .ෆෝර්මැට් ෆැක්ටරිය ඉන්ස්ටෝල් කරල ඉවරනම් දැන් ඒක දිගෑරල බලන්න. මේක සිංහල භාෂාවටත් සර්පොර්ට් කරනවා. සිංහලට වෙනස් කරන්න ඕනනම් menubar > language > select more languages > sinhala-sri lanka තොරගන්න මොකද මම කියල දෙන්නේ සිංහලෙන්. හොදයි දැන් Nero වලට ගැලපෙන ෆෝමැට් එකකට අපිලග තියෙන වීඩියෝ එකේ ෆෝමැට් එක වෙනස් කරගන්න ඕන. සාමාන්‍යයෙන් නෙට්එකේ වීඩියෝ තියෙන්නේ FLV වීඩියෝ විදිහට ඒවගේ විඩියෝ එකක් නම් nero 8 වලට සපොට් කරන්නැති නිසා කන්වන්ට් කරන්න සිද්ද වෙනවා. එහෙම නැතිව නීරෝවලට සපොට් කරන ෆෝමැට් එකක්නම් කන්වන්ට් කිරීම අනවශ්‍යයි. පහල තියෙන්නේ නීරෝ වලට හරියන ෆෝමැට් වර්ග ටික. ඔයාලග තියෙන වීඩියෝ එකේ ෆෝමැට් එක දැනගන්න ඒක රයිට් ක්ලික් කරල properties යන්න.file type කියන තැන වීඩියෝ එකේ ෆෝමැට් එක ඇති.
දැන මම පියවරෙන් පියවරට ෆෝර්මැට් එක වෙනස් කරන විදිහ කියලා දෙන්නම්. මේ ලිස්ට් එකේ තියෙන ෆොර්මැට් එකක් නම් කන්වෙන්ට් කිරීම අනවශ්‍යයි.මම MP4 කියන ෆෝමැට් එක මේ වැඩේට පාවිච්චි කරනවා ඒකට window එකේවම් පැත්තේ තියෙන 'ඕනෑම වර්ගයක සිට MP4 ' කියන මෙව්ව එකට යන්න.
එවිට ඕපන්වන වින්ඩෝවේ 'ගොනු එකතු කරන්න' කියන බොත්තමෙන් අවශ්‍ය වීඩියෝව එකතු කරන්න. උපසිරස ගොනු එකතු කිරීමට අවශ්‍යව ඇත්නම් "ප්‍රතිදාන සැකසුම්" නම් බොත්තම ඔබා අවශ්‍ය උපසිරස එක්කරන්න. අවශ්‍ය සැකසුම් අවසන් කර "හරි" බොත්තම ඔබා. ෆෝර්මැට් එක වෙනස් කිරීම අරඹන්න.
එවිට කන්වෙන්ට් කිරීම ආරම්භ වෙයි වීඩියෝ එකේ ප්‍රමාණය අනුව වැඩේට යන වෙලාව වෙනස් වෙයි. වැඩේ ඉවර උනාම My documents වල තියෙන FF output කියන ෆෝල්ඩර් එක ඇතුලේ අදාල විඩීයෝව කන්වෙන්ට් වෙලා ඇති. මගේ අතත් රිදෙනවා දැන් ටයිප් කරලම අද මම වීඩියෝ එකේ ෆෝමැට් එක වෙනස් කරන හැටි කියලා දුන්නනේ හෙට මම මේ කන්වන්ට් කරපු ෆයිල් එක සීඩී එකකට රයිට් කරන හැටි කියලා දෙන්නම්කෝ... එහෙනම් මම ගියා .
No comments: