Internet speed එක කැමති විදිහකට වෙනස්කරමු.(අතිශයෙන් limited pakage සදහාමයි)

               

                    ඒත් ඉතිං කොහොම ඉගිලුනත් limit වලින් පස්සේ බඩගාගෙන යන්න සිද්ද වෙනවනේ. මම පැකේජ් එකට මාරුඋන දවසෙම 1.5GB විතර Auto බෑවුනා.. මට තේරුනා වැඩේ දෙල්වෙන පාටයි සතියක් යන්න කලියෙන්.," පොඩ්ඩක් ස්පීඩ් එක අඩු කරන්න ක්‍රමයක් තිබ්බනම්... කොහොමහරි මාසයක් යනකල් පාවිච් කරන්න පුලුවන් වෙයි". ඉතිං පැය දෙක 3ක්ම ජංජාලේ පීරල පීරල yaන්තම් එකම එක සොෆ්ට්වෙයා කට්ටක් හොයාගත්තා.(මේ වැඩේට තියෙන එකම සොෆ්ට් වෙයා එකද කොහෙද).. මේ තියෙන්නේ ඒක.


                         මේකෙන් පුලුවන් අපි පාවිච්චි කරන ඕනම සොෆ්ට්වෙයා එකක ඉනටර්නෙට් ස්පීඩ් එක අපිට ඕනි විදිහට වෙනස් කරන්න. ඒ වගේම එම අවස්ථාවේ අන්තර්ජාලයට සම්බන්ධ වෙමින් පවතින මෘදුකාංග බලාගන්නත් ඒවා අවශ්‍යනම් විසන්ධි කරල දාන්නත් පුලුවන්. මම පියවරෙන් පියවරට අපේ මෘදූකාංගයක Internet speed limit කරන විදිහ කියල දෙන්නම්.

(මේ සයිට් එකේ මුලින් රෙජිස්ටර් වෙලා බාගන්න. එතකොට රෙජිස්ටර් කොඩ් එකත් ලැබෙයි. ඒත් රෙජිස්ටර් නොවී පාවිච්චි කරන්නත් පුලුවන්)

1) ස්තාපනය අවසන් වී පරිගනකය රීස්ටාර්ට් කරන්න. රීස්ටාර්ට් වූ පසු මේ විදිහට මේ මෘදුකාංගය දිස්වෙයි.එහි මේ වනවිට අන්තර්ජාලය හා සම්බන්දව ඇති මෘදුකාංග ලැයිස්තුවකුත් පේනව ඇතිනේ. පහල පිංතුරෙ වගේ \/

2) එයින් ඔබට වේගය සීමා කළයුතු මෘදුකාංගයේ නම select කර දකුණු පැත්තේ ඇති   Add Rule  බොත්තම ඔබන්න.

3) එතකොට පහල වගේ මෙව්ව එකක් එයි. එතන,
  • Rule Type එකට Limit කියලා දෙන්න.
  • Direction කියන තැන ඔයා මේ ලිමිට් එක දෙන්නේ download speed එකට නම් in කියන තැන select කරන්න. upload නම් Out කියන තැන select කරන්න.
  • Enabled කියන තැන tick කරල තියන්න.
  • මෙතන තමයි ලිමිට් එකදෙන්නේ මෙතන මම කිලොබයිට් 70 ක ලිමිට් එකක් දීලා තියෙනවා.


  එහෙනම් වැඩේ ඉවරයි මෙන්න ස්පීඩ් ටෙස්ට් එක.

No comments:

Powered by Blogger.