
මේපාර අපි දැගන්මු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතියහොයා ගන්නෙ කොහොමද කියල. මොකද්ද මේ කේන්ද්‍රික ඛණ්ඩය?

උඩ තියෙනව පේනව නේද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කියන්නේ වෘත්ත චාප කොටසකින් හා අරයන් 2කින් යුත් තල රූපයක් .
උඩ රූපයේ දීලා තියෙන විදිහට අරයන් 2කේ කෝණයත් අරයන් 2කත් දීලා තියෙනවනම් අපිට පියවර 2න් මේ රූපයේ පරිමිතිය හොයන්න පුලුවන්. මෙන්න මෙහෙම,
උඩ රූපයේ දීලා තියෙන විදිහට අරයන් 2කේ කෝණයත් අරයන් 2කත් දීලා තියෙනවනම් අපිට පියවර 2න් මේ රූපයේ පරිමිතිය හොයන්න පුලුවන්. මෙන්න මෙහෙම,
1.පහත සූත්‍රයෙන් අර්ධ වෘත්තාකාර කොටසේ දිග සෙවීම.
[ කෝණයේ අගය÷360 X 2πr ]
2.එයට අරයන් කොටස් 2ක + කිරීමෙන් මුලුරූපයම පරිමිතිය ලබාගන්න පුලුවන්.
[+2r]
හොදයි එහෙනම් අපි උඩ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය ලබාගමු.
පහල තියෙනවා කෝණය 90' අරය 38 උන කේන්ද්‍රික ඛණ්ඩයක් මේකේ පරිමිතිය අරගන්නෙ කොහොමද කියලා බලමු.
පරිමිතිය සදහා ප්‍රකාශන ගොඩනැගීම
යඩ පිංතුරෙ තියෙන විදිහට මේ කේන්ද්‍රික ඛණ්ඩයෙ පරිමිතියට ප්‍රකාශනයක් ගොඩනගන්න තමයි තියෙන්නේ.. මතක ඇති නේද කලින් කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්න අපි පියවර 2ක් අනු ගමනය කළා මේකෙදිත් ,
1. වක්‍ර කොටසේ දිග.+
2.අරය 2කේ දිග.
කියන පියවරට අනුවයි අපි මේ රූපයට පරිමිතියට ප්‍රකාශයක් හදාගන්නේ පහල බලන්න.
1. වක්‍ර කොටසේ දිග.+
2.අරය 2කේ දිග.
කියන පියවරට අනුවයි අපි මේ රූපයට පරිමිතියට ප්‍රකාශයක් හදාගන්නේ පහල බලන්න.
ඉහත ආකාරයට මම මුලින්ම වක්‍රකොටසේ දිග "11/7 r" ලෙස හොයාගත්තා. පසුව මම දෙවන පියවරේදී ඒකට 2r (අරය 2ක) එකතුකළා භාග එකතු කරන ආකාරයට භාග එකතු කරන්න දන්නෙ නැති කෙනෙක් ඉන්නවනම් මට කියන්නකො... අන්තිමේ දී උත්තරේ ආවේ "25/7r" කියල තමයි.
අදට ඔච්චරයි ඊලගට අපි දැන ගම්මු පරිමිතියෙන් අරය/විශ්කම්භය ලබාගන්නේ කොහොමද කියලා..
Thank you verymuch...
ReplyDeleteThat's better
ReplyDelete