මෙහිදී අපි Uploading, Ftp and Domain ටිකක් කතාකරමු. සෑම වෙබ්අඩවියකටම IP (internet protocol) එකක් තිබෙනවා එකට Domain කුත් තියෙනවා. ඩිසයින් කරගෑනීමෙන් අනතුරුව web hosting server එකකින් අපිට ඉඩක් වෙන් කරගත යුතුයි. අනතුරුව අපේ සයිට් එකට Domain එකක් ගන්නඕන ඊටත් පස්සෙ වෙබ්අඩවියට අදාල ෆයිල් ටික FTP (file transfer protocol) හරහා හෝ වෙනත් ක්‍රමයකින් web space එකට upload කරන්න පුලුවනි. www (World wide web)සංකල්පය තමයි අපි පාවිච්චි කරන්නේ tim berners-lee ව මතක් කරන්න ඕන එයා තමයි www හොයාගත්තේ.
1. Design (මේ පිලිබද අපි පෙර කතා කළා.)
2. Get Space
3. Get Domain
4. Upload
2. Get Web space
අන්තර්ජාලයේ අපේ වෙබ්අඩවියට ඉඩක් ලබාගත හැකි සේවා ගණනාවක් තියෙනවා ඉන් ප්‍රමුඛතම ආයතන ටිකක් පහත දී තිබේ.





ඒත් එම සේවාවන් ලබාගන්න ඔයාග ගානක් ගෙවන්න වෙයි. අපි නිකන් ජොලියට කරන වැඩක් නිසා ඔයාට පුලුවන් Free Web hosting සේවයකින් ඉඩක් ලබාගන්න. හැබැයි මෙයාල අපේ සයිට් එකට Trafic වැඩිඋනාම එහෙම කරදර කරන්න ගන්නවා Free wehosting ගන්නව කියනේනේ ඇත්තටම තාවකාලික වැඩක්. මේ මට හම්බඋන හොද Free wehosting සයිට් ටිකක්.
www.2freehosting.com , www.1freehosting.com , FreeHostingEU.com , Biz.ht , ByetHost.com , AwardSpace.com , www.loomhost.com
2freehost සයිට් එක මගේ වැඩේට හොදයි කියලා හිතෙනවා. මෙයාලගේ එකේ විස්තර වල මෙහෙම තියෙනවා.
20 GB Disk Space
150 GB Bandwidth
99.9% Uptime
FREE cPanel
FREE Subdomain(දෙනව කිව්වට මුන් සේරම දෙන්නෑ)
හොදයි මේ විස්තර අපිට බොහොම වැදගත්. කැමති hosting සයිට් එකක රෙජිස්ටර් උනාම එයාලගේ Cpanel එකේ URL (uniform resource locator) එකයි අපේ Username එකයි password එකයි අපිට දෙනවා.
cpanel එකට log වෙලා අපේ ඉදිරි වැඩ කරන්න පුලුවන්.
Cpanel------------------------
cpanel.2freehosting.com කින්නේ 2freehosting එකේ cpanel එක ඔයාගේ uname,pass දාලා මෙතනට log වෙන්න අපි අලුත් සයිට් එකක් හදන්න domain එකක් හදාගන්න ඕන ඒක පහසුවෙන්ම cpanel > createnew හරහා ගිහින් කරගන්න පුලුවන් මුදල් ගෙවලා .com , .org , .net වගේ top domain එකකුත් නොමිලේ yourname.ciki.me වගේ subdomain එකකුත් මෙයාල නම් දෙනවා.
මේතියෙන්නේ cpanel එක
4. Upload
අපි හදාගත්තු පුංචි සයිට් එක ඔයා ගත්තු domain එකට upload කරන්න තමයි දැන් වෙලාව. ඒකට ඔයාගේ site එකේ files ටික zip archive කරගන්න upload කරන්න එතකොට ලේසී. cpanel > file manager ගිහින් එකෙන් ඔයාගේ සයිට්.zip එක දැන් upload කරගන්න. extract කරගන්න.
දැන් ඔයාගේ domain එකට ගිහින් බලන්න සයිට් online එක ද කියලා..
http://www.freenom.com
http://www.dot.tk තුලින් අලුත් ඩොමේන් එකක් ඔයාගේ සයිට් එකට කැමතිනම් ගන්න පුලුවන්.
FTP හරහා UPLOAD කිරීම
වෑඩේට ftp account එකක් වගේම Flezilla කියන software එකත් ඕන. cpanel> FTP Access
ගිහින් අවශ්‍ය විස්තර බලා ගන්න පුලුවන් passw එක වැඩ නැත්නම් pass එක change කරගන්න. filezilla එකට විස්තර submit කළාම මේවිදිහට file directorys පෙනෙයි.
No comments: